Thursday, December 29, 2011

මැච් එක දින්නා...



ලංකාවේ අපිට නම් ක්‍රිකට් කිව්වොත් අයෙත් කන්න බොන්න ඕනෙත් දවසෙම බලාවි.. අනිත් අයට කොහොමද දන්නේ නෑ එත් මට නම් එහෙමයි. හැමදාම අම්මගෙන් බැනුම් ඒ උනාට බාධක මැඩගෙන අනිවාර්යෙන්ම මැච් එක සම්පුර්ණයෙන් බලනවා.

හැබැයි  ලගදි ඉදන් කට්ටියට මැච් එපා වෙලා තිබුනේ ලංකාවේ ටීම් එක පැරදුන පැරදිල්ලට, හැම මැච් එකකින්ම පස්සේ කට්ටියගේ අදහස නම් උනේ තවත් මැච් නම් බලන්නේ නෑ කියලා ඒ කොහොම කිව්වත් ලංකාවේ ක්‍රිකට් වලට ආදරේ කාටවත් කොච්චර මැච් පැරදුනත් ඊලග මැච් එක නොබලා ඉන්න හිත දුන්නේ නෑ මොකද කට්ටියගේ හිතේ පොඩි හරි බලාපොරොත්තුවක් තිබුණා ඊලග මැච් එක අපේ සිංහයෝ කොහොම හරි ගහයි කියලා (ඇත්තනේ ඉතින් අන්තිමට ගැහුවනේ දකුණු අප්‍රිකාවට කට උත්තර නැති වෙන්න).

කොහොමින් කොහොම හරි අපේ කට්ටිය දකුණු අප්‍රිකානු සංචාරයට එනකොටත් කිව්වේ මේකත් අපේ කට්ටිය පරදී කියලා. අර දකුණු අප්‍රිකාවේ හිටපු නායකයෙක කියන එකෙක් කියල තිබ්බේ ලංකාවේ ටීම් එකට ගහන්න දකුණු අප්‍රිකාවේ දෙවෙනි පෙළ ටීම් එකටත් පුළුවන් කියල, දැන් එතකො‍ට ඊයේ අපේ කොල්ලෝ ගැහුවේ දකුණු අප්‍රිකාවේ දෙවෙනි පෙළ ටීම් එකකට වෙන්න ඇති නේ?. ඒ කිව්වා එකා දැන් කොහෙද දන්නේ නෑ ඉන්නේ.. පොඩ්ඩක් මුණ බලන්න..

අපේ ටීම් එකේ තිලාන්, සංගා පිත්තෙන් දෙන්න පුළුවන් හොදම සහයෝගය ටීම් එකට දුන්නා එතකොට චන්දිමාල් අපේ ටෙස්ට් ටීම් එකේ අලුත්ම සගයා ඉනිම් දෙකේදීම තිලන්ටයි සංගටයි සුපිරි සහයෝගයක් දුන්නේ. චන්දිමාල්ගේ ඒ සහයෝගය නොතිබුන නම් තිලන්ටයි සංගටයි ලකුණු 100 ගහන එක ලේසි වෙන්නේ නෑ මොකද චන්දිමාල් එනකොට සම්බන්දත්වයක් ගොඩනගන්න පුළුවන් සියලු දෙනාම ආපහු විවේකාගාරයට ඇවිත් අවසන්. ඒ නිසා සංගෙයි තිලන්ගෙයි පිතිකරණට වටිනාකමක් එක්කළේ චන්දිමාල් කිව්වොත් එක මට හිතෙන විදියට හරි වෙන්න ඕන. ඊළගට චානක වෙලගෙදර සහ රංගන හේරත් ගැන කතා කරන්න ඕන දෙන්න එකතුවෙලා මුල් ඉනිමේ දකුණු අප්‍රිකාව ලකුණු 168 සිමා කලේ නැත්නම් මැච් එක දිනන එක ලේසි වෙන්නේ නෑ. ඒ වගේම මුරලි නැති අඩුව පුරවන්න රංගන හේරත් උපරිම උත්සහයක් ගත්තා ඒ උත්සාහයේ ප්‍රතිපල ලෙස ඉනිම් දෙකකදී කඩුලු 9ක් එක්ක තරගයේ වීරයා සම්මානයටත් හිමිකම් කිව්වා.

කොහොම උනත් එක මැච් එකක් දිනන කියලා ගොඩක් උඩ පනින්නත් බෑ මොකද තවම පටන් ගත්ත විතරයි කොහොම හරි මේ ටෙස්ට් තරගාවලියම දිනන්න උත්සාහ කරන්න ඕන. තව ටෙස්ට් මැච් එකක් තියෙනවා ඉතුරුවෙලා ඒ මැච් එක දෙපිලටම තීරණාත්මකයි ද.අප්‍රිකාව තමන්ගේ සියලුම උපක්‍රම යොදවනවා අනිවාර්යෙන්ම තරගය ජයගන්න, ඒ වගේම අපේ ටීම් එකක් ඊට නොදෙවැනි වෙන්න ඕන දැන් ජයග්‍රාහී මානසිකත්වයකින් ඉන්න නිසා වැඩේ ටිකක් ලේසි වෙයි එත් ගොඩක්ම නෙමෙයි, ටීම් එකේ කවුරුත් එක වගේම දක්ෂතා අතරට එන්න ඕන එක තමයි මූලික කරණය විශේෂයෙන්ම නායක ඩිල්ෂාන්. කොහොමින් කොහොම හරි ඊලග මැච් එක දිනන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියල තම ලංකාවේ ක්‍රිකට් වලට ආදරේ කරන අපේ කාගේත් පැතුම.

5 comments:

  1. දින්න එක ලොකු දෙයක් ඒත් දිල්ශාන් කාරය ආයෙමත් උඩ යයිද දන්නෙ නැ ඕකෙන් . මම නම් ප්‍රපත්තියක් විදිහට ටෙස්ට් බලන්නේ නැ . එක්දින බලන්නෙත් ලොකු තරඟාවලි විතරයි විස්සයි විස්ස නම් එකක්වත් මඟ හරින්නෙ නැ , අනික් රටවල් උන් ගහන ඒවත් බලනව

    ReplyDelete
  2. වර්ඩ් වෙරිෆිකේෂන් ඕනසද?
    බුවා
    //මම නම් ප්‍රපත්තියක් විදිහට ටෙස්ට් බලන්නේ නැ . එක්දින බලන්නෙත් ලොකු තරඟාවලි විතරයි// බලන්නෙම නැද්ද?හැක්..හැක්...

    ReplyDelete
  3. වැරදුනා වර්ඩ් වෙරිෆිකේෂන් ඕනමද?

    ReplyDelete
  4. රාජ් - සිරාවටම බලන්නේ නැ , ජංජාලයෙන් ස්කොර් එක විතර්යි බලන්නේ . ටෙස්ට් බලාඉන්න කම්මැලියි මචං

    ReplyDelete
  5. මම නම් යාළුවා මොන මැච් එකක් උනත් වෙලාව තියෙනවා නම් අනිවා බලනවා... මොනවා උනත් මේ දවස ටිකේ නම් බලාගෙන හිටියේ මොන වෙලාවේ මැච් එකක් දිනයි ද කියල බලාගෙන..ඔන්න ඊයේ තම මාස 17කට පස්සේ ටෙස්ට් මැච් එකක් දිනුවේ..

    ReplyDelete