Monday, January 2, 2012

කොළඹ වරාය

මුලින්ම කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් කිව්වා ඔන්න...

සෑම වසරකම පළමු වැනි දිනයේදී කොළඹ වාරය සේවකයින්ගේ පවුලේ සාමාජිකයින්ට වරාය නරඹන්න අවස්ථාව හිමි වෙනවා...

ඔන්න ඒ අවස්ථාවෙන් ප්‍රොයෝජනයගත් මමත් ගියා වරයා බලන්න...

 ගමන හිතුව තරම් ලේසි උනේ නෑ මොකද හෙක්ටයාර 31 (මම දන්නා තරමින්) පුරා විහිදී ඇති වරාය පුරා පයින් නම් යන්න ලේසි නෑ.. වෙලාවට වාහනයකින් ගිය නිසා හොදයි.. නැත්නම් වරාය ඇතුලත වැඩ කරන වෙනම ප්‍රවාහන සේවයකුත් තිබ්බා අවශ්‍යය නම්  එකේ යන්නත් පුළුවන්..

ඉතින් මට හිතුනා ඒ ගමන යාළුවොත් එක්ක බෙදාගන්න ඉතින් මේ තමයි ඒ ගමනේ විස්තර..

ටිකක් උදෙන්ම වරායට ඇතුළු උනා මෙන්න ඒ වෙලාවේ වරාය ඇතුලත...



මේ ඉන්නේ Pilot කෙනෙක්, ලංකාවට වෙනත් රටවලින් එන නැව් වරායට ඇතුලත් කිරීමට එම නෞකාවේ කපිතාන්ට අවසරය නෑ.. ඒ නිසා වරයාට හැතැක්ම හයක පමණ දුරින් නවතා තිබෙන එම නැවට වරායෙන් පුද්ගලයෙක් යවනවා ඔහු තමයි එම නැව වරයාට ඇතුලත් කිරීම සිදු කරන්නේ.. ඒ තමයි Pilot



මේ මොකක්ද මේ...


ලගට ගිහිල්ලම බැලුවා ඔන්න....



මේක රථවාහන ප්‍රවාහනය කරන නෞකාවක්, විශාලත්වය ගැන නම් කතා කරන්න දෙයක් නෑ.. පින්තුර දැක්කම හිත ගන්න පුළුවන් ඇති නේ....

මේක කොරියන් නෞකාවක් ඉන්දියාවේ මුම්බායි වල ඉදන් මේක ඇවිත් තිබ්බේ ලංකාවට ලේලන්ඩ් වර්ගයේ බස්රථ අරගෙන, මෙම නෞකාව තට්ටු 12කින් සමන්විතයි. ලේලන්ඩ් බස් රථ වලට අමතරව තවත් අනෙකුත් රථවාහන දෙදහස් පන්සීයකට ආසන්න ගණනක් ඒ මොහොතේ මේ නෞකාව තුල තියෙනවා කියල තමයි නැවේ වැඩ කරන සුද්දෙක් කිව්වේ... ( දන්නා කඩ්ඩ දාලා බොහොම අමාරුවෙන් සුද්දගෙන් ඒ ටික අහගත්තෙ...)

මෙන්න නැවේ ඇතුල කොහොමද බලන්න...



මෙන්න අපේ නාවික හමුදාවේ ඉන්න කඩවසම් ආඩම්බර කාරයා...
JETLINER




ජෙට් ලයිනර් නැව තුල තම මංගල උත්සවය ගන්න දැන් අවස්ථාව තියෙනවා... මංගල උත්සවය අතර පොඩි රවුමක් යන්නත් ඕන නම් නැවට ගෙවන්න ඕන ලක්ෂ පහක්

එහෙමත් නැත්නම් නැව වාරයේ තියෙද්දීම මංගල උත්සවය ගන්නවා නම් ලක්ෂ දෙකහමාරක් ගෙවන්න ඕන...

ඇත්තටම මේ නැවේ වෙඩින් එකක් ගන්න ලැබෙනවා නම් එක තමන්ගේ ජිවිතයේ සුපිරි අත්දැකීමක් වේවි... ඒ මොනවා උනත් ආරංචි විදියට නම් අලුත් අවුරුද්ද මේ නැවට ගොඩක් කාර්ය බහුලයිලු වෙඩින් නිසාම ඒ තරම්ම ලොකු ඉල්ලුමක් මේ නැවට තියෙනවා...


මෙන්න Dockyard එක ඒ කියන්නේ නැව් අලුත්වැඩියා කරන ස්ථානය
ඒ මොහොත වන විට ඉන්දියාවට අයත් නෞකාවක් අලුත්වැඩියා කරමින් තිබුනා මෙන්න ඒ නැව...


මෙන්න කොළඹ වරායේ තවත් පින්තුර කිහිපයක්....







5 comments:

  1. බොහොම ස්තුතියි පිංතූරත් එක්ක විස්තරයකුත් කිව්වාට...අපිට කවදාවත් නොලැබෙන චාන්ස් එකක්නෙ....
    වරායෙ කුස්සියෙන් කන්න එහෙමත් ඇති නේද?.....
    තව වරායවල් ගැන තියෙන පෝස්ට් එහෙම දාන්න... වරායට සමීප කෙනෙක් හින්දා එව්වල වැඩකටයුතු කෙරෙන හැටි එහෙම දන්නවා ඇතිනෙ......

    ප.ලි.:word verification අයින් කරන්න එතකොට comment කරන අයට ලේසියි.

    ReplyDelete
  2. ස්තුතියි යාළුවා අදහස් එකතු කලාට...
    කියන්න අමතක උනා කොලඹ වරායේ කුස්සිය තමා දකුණු ආසියාවේ විශාලතම කුස්සිය....
    අනිවාර්යෙන්ම ඉදිරියේදී මේ ගැන තව පොස්ට් දාන්නම් දිරිමත් කලාට ස්තුතියි යාළුවා...

    word verification අයින් කරා..

    ReplyDelete
  3. ඔයාට ලෙඩක් වැටෙයි මේ පිංතූර අවසර නැතිව ගත්ත එව්ව නං

    ReplyDelete
  4. එහෙම ලෙඩක් වැටෙයි කියන්න අමාරුයි...
    මොකද මම විතරක් නෙමෙයි වරාය බලන්න අවා සියලු දෙනාම වගේ පින්තුර ගත්තා...
    අනික පින්තූර ගන්න එපා කියලා නොටිස්‌ කරලා තියෙනවා දැක්කේ කෞතුකාගාරයේ ඇතුලත විතරයි..

    ReplyDelete
  5. වැදගත් දෙයක්..........තව photos තියනවනුම් දන්නා :)

    ReplyDelete