Sunday, November 4, 2012

රිටි පන්න ක්‍රමය ගැන දන්නවද...????

ඔන්න කාලෙකට පස්සේ තමයි මගේ බ්ලොගය පොස්ට් එකක් වැටෙන්නේ.. මොනවා කරන්නද තියෙන කාර්යබහුලකමත් එක්ක ඔන්න බ්ලොග් එකට පොස්ට් එකක් දාන්නවත් වෙලාවක් නෑ...

ඒ මොනවා උනත් බ්ලොග් එක අමතක කරේ නෑ.. කාලෙකට පස්සේ හොදයි කියලා හිතෙන විස්තරකුත් එක්ක පොස්ට් එකක් අරන් අවා... කට්ටියම කියවලා බලලා වටිනා කියන දෙයක් කියල හිතෙනවා නම්.. තමන්ගේ අදහස අකුරු කරලා යන්න අමතක කරන්න එපා...

මේක අපේ නිවාස ආසන්නයේම වෙන විශේෂ ක්‍රියාකාරකමක්... සමහර අය මේ ගැන නොදන්නවා වෙන්න පුළුවන්.. ඉතින් කියවලා බලල කට්ටිය හොද නරක කියන්නකෝ බලන්න...

රිටි පන්න ධිවර කර්මාන්තය
(ලොකුවට දැම්මට කස්ටිය දන්නවද මන්ද මේ ගැන.. )
  


"රිටි පන්න" කියන්නේ ලංකාවේ මාළු අල්ලන ක්‍රමයක්, නවීන මාළු ඇල්ලීමේ උපක්‍රම හේතුවෙන් ක්‍රමක් ක්‍රමයෙන් අභාවයට යන.. මාළු ඇල්ලීමේ ක්‍රමයක්...


මම දන්නා තරමින් මෙම මසුන් ඇල්ලීමේ ක්‍රමය දකින්න ලැබෙන්නේ ලංකාවේ දකුණු පළාතේ පමණයි  , දකුණු පළාතෙත් තරමක් හෝ සුලබව දකින්න ලැබෙන්නේ උණවටුන,හබරාදුව, කොග්ගල, කතළුව, අහංගම ( අහංගම, ඒ කියන්නේ අපේ ගම.. ) යන ප්‍රදේශවලයි...


තව දෙයක් මේ මසුන් ඇල්ලීමේ ක්‍රමය මගින් බොල්ලන් සහ කොරබුරුවන් වැනි කුඩා මසුන් පමණයි අල්ලනු ලබන්නේ..
(දැන් අහන්න එපා මේ මාළුන්ගේ විද්‍යාත්මක නාමයන්.. මම ඕව දන්නේ නෑ.. අපි කියන විදිය තමයි මේ...)


මේ කුඩා මසුන් ඉන්නේ විශාල රංචු වශයෙන් වෙරළට කිට්ටුවෙන් ඉතින් මුන් කාලෙන් එක එක ප්‍රදේශ වලට සංක්‍රමණය වෙනවා..
(උනත් එක තැනක ඉන්න බැනේ...) 

ඔහොම මාළු ආවම ඉතින් දැනගන්නේ කොහොමද.. එකත් හරිම ලේසි.. මාළු ඉන්නේ විශාල රංචු පිටින් නිසා උන් ආවම විශාල කළු පැල්ලම් වගේ මුහුදේ දිස්වෙනවා... එක එකක් අනික තමයි මාළු ඉන්න තැන්වල මුහුදු ලිහිණින් නිතරම රවුම් ගහනවා දකින්න පුළුවන්..

ඉතින් ඔන්න මේ දවස්වල අපේ පැත්තෙත් මේ වගේ ලොකු මාළු රංචුවක් ඇවිත් ඉන්නවා..  එකම තමයි හේතුව උනෙත් මේ ත්‍රෙඩ් එක දාන්න...

ඉතින් ඔහොම මාළු රංචුවක් ආවම ධීවරයෝ කරන්නේ ඒ මාළු රංචු අතරින් මුහුදේ ලී කණු හිටවනවා, ඊටපස්සේ ඒ කණුවල නගින ධීවරයෝ බිලි පිත්තක් ආධාරයෙන් මසුන් ඇල්ලීම සිදුකරනවා...


මේ පහල තියෙන පිංතුර දැක්කම හොදට තේරුම් ගන්න පුළුවන්.. රිටි පන්න ක්‍රමය ගැන

කොහොමද උදේම මාළු අල්ලන වෙලාවේ තියෙන ලස්සන..


මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන් රිටි පන්න ක්‍රමයට මසුන් අල්ලන සහ අහුවෙන ආකාරය... 

 

මුහුදු වෙරළේ සුන්දරත්වය විදින විදේශිකයෝ....




උදේට සහ හවසට ධීවරයෝ මෙලෙස මාළු ඇල්ලීමේ නිරත වෙනවා...

තවදෙයක්... මේක නරබන්න, ඡයාරූපයට නගන්න විදේශිකයෝ ආසදෙයක් තමයි.. ඉතින් එහෙම අදහසින් මෙතනට එන විදෙශිකයෝන්ට සිද්දවෙනවා මේ ධීවරයන්ට යම්කිසි මුදලක් පුජා කරන්න... ( ඒ කියන්නේ දත ගලවනවා..) ඒ මුදල 500ක් 1000ක් වගේ වෙන්න පුළුවන්...
ඒ මුදල් ලබා ගන්නේ මෙතන ඉන්න ධිවර ප්‍රධානියා ඔහු එසේ එකතුවන මුදල් අවසානයේ ධීවරයන් අතර බෙදා දෙනවා....

මෙසේ මාළු අල්ලා ගොඩ රැගෙන එමෙන් පසු ප්‍රධානියා විසින් ධීවරයන් එකිනෙකා රැගෙන එන මාළු ප්‍රමාණයන් ගණනය කර එය සටහන් කරගෙන මාළු ලෑල්ලට නැතිනම් වෙළදපොලට යොමු කරනවා...



 අවසානයේ තමයි ධීවරයන් එකිනෙකා ඇල්ලු මාළු ප්‍රමාණයන්ට අනුව මුදල් බෙදා දීම සිදුකරන්නේ....

මේ ඉන්නේ රිටි පන්න ක්‍රමයට ඇල්ලු කොරබුරුවන්....


ඉතින් මේ විදියට මාළු ඇල්ලීමට ධීවරයන් බිලී පිත්තක් බාවිතා කරනු ලබනවා... ඒ බිලී පිත්තට යොදාගන්නේ කිතුල් ගසක අත්තක්.. එම කිතුල් පිති සැහැල්ලුයි... මේ ආකාරයෙන් මාළු ඇල්ලීමට ඇමක් භාවිතා නොකරයි...

එයට භාවිතා කරන්නේ පහත අකාරයේ ඊයම් වලින් තැනු කුඩා කොක්කක්... 


 ඉතින් මෙන්න මේ නිසා තමයි මාළුවා කට හින්දා නහිනවා කියන්නෙත්....


මේ කට්ටිය හවස මාළු අල්ලනවා...
(මේ වෙලවට තමා විදේශිකයෝ වැඩිපුරම ඡයාරූප ගන්න කැමති මොකද ඉර බැහැගෙන යන වෙලාවේ මේ මාළු අල්ලන අකාරය අපූරු ලස්සන චිත්‍රයක් මවනවා...)


 විශේෂ දෙයක් තියෙනවා කියන්න... මේ වගේ මාළු අල්ලන තැන්ක දැක්කොත් එතන මුහුදට නාන්නවත් රැල්ල පගන්නවත් යන්න එපා..
එහෙම යන්න ලැබෙන්නෙත් නෑ... එහෙම නාන්න හරි රැල්ල පාගන්න හරි හැදුවොත් මේ ඉන්න මාළු බය වෙලා දියබට යන්න පුළුවන් ඒ නිසා ධීවරයන්ගෙන් එකට ඉඩක් ලැබෙන්නේ නෑ...
එහම කරන්න යන්නත් එපා.. මොකද මේ මිනිස්සුන්ගේ අදායම් මාර්ගය මේක නිසා...


රිටි පන්න ධිවර ක්‍රමය ගැන නම් ඔන්න කියලා ඉවරයි....

ඔන්න දැන් ඉර බැහැගෙන යන වෙලාවේ අපේ බීච් එකේ ලස්සන කොහොමද බලන්න..

(අපේ පැත්තේ මුහුදේ වැඩිපුරම තියෙන්නේ කොරල් පර ඉතින් මේ කොරල් පර එක්ක මුහුදේ යට තියෙන්නේ අමුතුම ලස්සන ලෝකයක්... වචනයෙන් කියන්න බැරි තරම් පුදුම ලස්සනක් තියෙන්නේ..

අදහසක් තියෙනවා Underwater Cam එකක් ගන්න එහෙම උනොත් එදාට අනිවා පිංතුර ටිකක් දාන්නම්...)

( මම පිංතුර ගන්න වැඩ කාරයෙක් නෙමෙයි අඩුපාඩුවක් තියේ නම් සමාවෙන්න...)





කොහොමද ලස්සන...???

මේ ගල්වැටිය දැම්මේ ලගදි... හවසට මේක උඩට ගිහින් වාඩිවෙලා ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නේ නෑ... හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ...


මෙන්න තව ෆොටෝස් ටිකක්...

ගල්වැටිය මත සිට...




 ලංකාවට ඇවිත් ක්‍රිකට් ගහන සුද්දෝ... ( පට්ට අතල් බන් මුන් සෙල්ලම් කරනකොට තනි පිස්සු කෙලින්නේ... )



 විදෙශියකයන්ගේ පැමිණීම අදායම් මාර්ගය කරගත් පිරිස්....
( පස්සේ දැක්කේ ඔයි සුද්දී ඇදුම් මාරු කරනවා කියලා.. නැත්නම් හිතලා වල්කමට ගත්තේ නෑ හොදේ..)


 ත්‍රෙඩ් එක අවසානේ එක ඉල්ලීමකුත් තියෙනවා... මේ මුහුදු වෙරළ මේ වගේ ලස්සනට තියෙන නිසයි මේ ඡයාරූප ලස්සන... මේ මුහුදු වෙරළවල් අපවිත්‍ර කරන්න එපා.. ගොඩක් අය මේ වෙරළේ ඉදන් බොනවා( දන්නවනේ ඉතින් බොන්නේ මොනවද කියලා).... බිලා අන්තිමට කරන්නේ ඒ හිස් බෝතල් කුඩු කරලා දාලා යනවා.. සිකරට් පැකට් හැම තැනම ඒ වගේම ප්ලාස්ටික් බිම බෝතල්.. බීච් එකේ තියාගෙන බිව්වත් කමක් නෑ ඒ වගේ තිරිසන් නම් වැඩ කරන්න එපා.. කවදාවත් විදේශිකයෝ එහෙම කරන්නේ නෑ.. උන්ගේ නොවුනත් උන් අපිට වඩා මේ බීච් එකේ ලස්සනට ආදරෙයි... එනිසා ඒවා නියම විදියට බැහැර කරන්න... එහෙම නොවුනොත් ඉස්සරහට මේ බීච් වල ගන්න ෆොටෝස් වල කිසිම ලස්සනක් නැතිවෙයි...

මේ කිසිම දෙයක් උපුටාගත් දෙයක් නෙමෙයි වීඩියෝ එකේ ඉදන් හැමදෙයක් මම විසින් ලබාගත් දේවල්...

එහෙනම් කටියටම ස්තුතියි....
මම කැපුනා.... 

 

Monday, June 4, 2012

ඔයා මට අහිමිවුණා....

ඔයා කිව්ව විදියට..
හැමදේම වෙනස් වෙනවා ඉක්මනටම
අපි හිතුවටත් වඩා ඉක්මනටම..
දැනටමත් ගොඩක් දේවල් වෙනස් වෙලා ඉවරයි...
විශේෂයෙන්ම ඔයා...
මම දන්නවා හැමදේම වෙනස් වෙනවා කියලා...
ඒත්...
මම හිතුවේ නෑ 
කවදාවත් ඔයා වෙනස් වෙයි කියලා...
මට වැරදුණා...
ඔයා වෙනස් උනා...
නැත්නම්,
ඔයාව වෙනස් කළා...
කොහොම උනත්
අන්තිමට,
ඔයා මට අහිමිවුණා....



Friday, March 30, 2012

පාරේ යන නැවක්...

ඊයේ පෙරෙයිද දවසක ඔන්න නිදාගන්න කියලා ඇද හොයාගෙන අවා විතරයි පාර පැත්තෙන් හෙන සද්දේ...

නිදාගන්න එක පැත්තක තියලා මම ගිය සීන් එක මොකක්ද බලන්න බැලින්නම් නැවක් ගාලු මාතර මහා පාරේ යනවනේ.. එක ගනියන්න තමා කස්ටිය කෑගහන්නේ....


මෙන්න භාණ්ඩේ....





මේවා හදන්නේ කොග්ගල නිදහස් වෙළද කලාපේ තියෙන ආයතනයකින්...(ආයතනයේ නම නම් මට හරියට මතක නෑ..)

මට මතක විදියට මේ හදපු තුන්වෙනි එක...

මේ විදියට මේක පාරෙන් අරගෙන යන්නේ වැලිගම බොක්කට එතනින් තමා මේක මුහුදට දන්නේ... අනිත් තැන්වල මුහුද නොගැබුරු නිසා මුහුදට දාන්න අමාරුයි...

මේ නැව් වර්ගය එහෙමත් නැත්නම් බෝට්ටු වර්ගය ගැන කියන්න නම් මම දන්නේ නෑ දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි විස්තරයක් දාන්න...

ආරංචි විදියට තල්මස්සු බලන්න මේක යොදාගන්නවා කියලත් කියනවා එත් හරියටම ඒ ගැන විස්වාසයක් නෑ...





Tuesday, January 24, 2012

මෙහෙමත් අපරාධයක්....

අද කාලේ වෙන සිදුවීම් පත්තරෙන් රූපවාහිනියෙන් අහන දකින අපේ ආච්චි කියන කතාවක් තමයි " පුතේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා දෙමව්පියන් ළමයි අදුනන්නේ නැති, ළමයි දෙමව්පියන් අදුනන්නේ නැති කාලයක් ඉදිරි අනාගතයේදී ඇති වන බව. " මේ ප්‍රකාශය සනාථ කරන සිදුවීමක් මට ඊයේ දැනගන්න ලැබුණා. මේ සිදුවීම දැන ගන්න ලැබීමත් සමග මට හිතුනේ බුදු හාමුදුරුවන් විසින් දේශනා කල ඒ කාලයේද මේ අපි ජිවත් වෙන්නේ කියලා.

මෙන්න මේකයි සිදුවීම..

මිට දවස් කිහිපයකට පෙර මැදි විය පසු කරමින් සිටින පුද්ගලයෙකු දරුණු පහරකෑමකට ලක්වීම නිසා සිදු වූ අත් පා බිදීම හේතු කොට ගෙන ගාල්ල කරාපිටිය මහා රෝහලට ඇතුලත් කරනු ලබයි. මේ පහර දීම පිටුපස ඇති කතාන්තරය මහා පොලොව පවා නුහුලන අපරාධයකි.

මේ පුද්ගලයා දෙදරු පියෙකි, එසේත් නැත්නම් දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. මොහුගේ දින චර්යාවේ ප්‍රධාන ක්‍රියාකාරකම් දෙකකි, එනම් පළමු වැන්න වනුයේ  අධික ලෙස සුරාවෙන් සප්පායම් වී ගෙදර පැමිණීමයි. ඔහුගේ දෙවැනි ක්‍රියාකාරකම එනම් මා ඉහත සදහන් කල පොලව නුහුලන් අපරාධය සිදුවන්නේ මෙහිදී ය. එනම් තම ලෙයින් මසින් ලොවට බිහිකළ තම බාල දියණිය දුෂණයට කිරීමයි. තම සැමියාගේ මෙම පාපකාරී ක්‍රියාව වලක්වන්න බිරිද කෙතරම් උත්සාහ කලෙද අවසානයේ ඇයට සිදුවන්නේ බිමත් සැමියාගේ දරුණු පහර කෑමට ලක්වන්නටය. අවසානයේ බිරිද විසින් තම සහෝදරයෙකුට මෙම බාල දියණිය විවාහ කරදෙනුයේ තම බිමත් සැමියාගේ පාපකාරී ක්‍රියාවෙන් ඇයව ගලවා ගන්නා අටියෙනි. ඒ අනුව ඇයට තම බාල දියණිය එම පාපකාරී සිදුවීමෙන් ගලවා ගැනීමට හැකි විය. නමුත් ඉන්පසුව සිදුවූයේ තවත් අපරාධයකි.

එනම් බීමතින් තම බාල දියණිය සොයා පැමිණෙන මේ පුද්ගලයා බාල දියණිය නිවසේ නොමැති හෙයින් මීලගට ග්‍රහණය කරගනු ලබන්නේ තම වැඩිමහල් දියණියනියයි. ඒ අනුව තම ලෙයින් මසින් මෙලොවට බිහි කල දියණියන් දෙදෙනාම මෙම පිතෘ පාපතරයා හමුවේ දුෂණය විය . මෙම පාපතරගේ ක්‍රියාකාරකම් බාල දියණියගේ සැමියාට ඉවසුම් නොදෙන්නක් විය. අවසානයේ මෙම පාපතරයා තම බාල දියණියගේ සැමියාගේ දරුණු පහර කෑමකට භාජනය විය. ඒ හේතුවෙන් මෙම පාපතරයා මිට දින කිහිපයකට පෙර ගාල්ල කරාපිටිය මහා රෝහලට ඇතුලත් කරන ලදී.

ඉතින් මේ සිදුවීම අහන්න ලැබීමත් සමග මට තේරුම් ගියේ අපේ ආච්චි කියන බුදු හාමුදුරුවන්ගේ එම දේශනාව සත්‍යක් බවය. මේ සිදුවීම අසන්න ලැබීමත් සමග මගේ හිතට පැන නැගුණ තවත් ප්‍රශ්න කිහිපයකි...

ඇයි මෙවැනි සිදුවීම අද සමාජයේ සිදුවෙන්නේ...???

මෙවැනි සිදුවීම වලට හේතුව වර්ථමාන සමාජ සැකැස්ම ද..???

මේ වැනි සිදුවීම් වැළක්විය විය නොහැකි ද...???

හැකි නම් පිළිතුරු සෙවීමට ඔබත් උත්සාහ කරන්න..

අවසාන වශයෙන් තවත් දෙයක් කියන්න තිබේ එනම් මෙවැනි සිදුවීම වලට සුදුසු දඩුවම් පැමිණ වීමට ලංකාවේ නීතිමය සැකැස්ම කිසිසේත්ම ප්‍රමාණවත් නොමැත. 



Friday, January 6, 2012

අපේ ක්‍රිකට් නැවතත් අනාත විය...

අපේ අය නැවත පැරදුනේය... 

එක පෙලට පැරදුනා නම් දුක නැත එත් දෙවැනි ටෙස්ට් තරගය ජයගත් අපේ අයට තුන්වන ටෙස්ට් තරගයේදී ද.අප්‍රිකාව වැලේ වැල් නැතිවෙන්න දුන්නේය.... 

ක්‍රීඩා කරන ආකාරය දැක්කම හිතෙන්නේ කණ්ඩායම තුල වගකීමක් සහිතව ක්‍රීඩාකරන්න අයෙක් නැති බවය..

පකිස්තානු සංචාරයේදී කිසිදු හේතුවක් නැතුව හලා ගිය තිලාන් සමරවීර සියලු පිතිකරුවන් අසාර්ථක වෙද්දී නොදැවී ලකුණු 100කින් තේරීම කමිටුවට රිදෙන්න ගැසුවේය..

දිනේෂ් චන්දිමාල් තම අනාගතය පැහැදිලි බව පෙන්වීය...

නමුත්...

මැදපෙළ සිට ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉදිරියට පැමිණි අවස්ථාවේ ඩිල්ෂාන් අති සාර්ථක පිතිකරුවෙක් විය...

එහෙත්...

ලෝක කුසලානයෙන් පසු නායකත්වය ලැබූ ඔහු අති අසාර්ථක පිතුකරුවෙක් සේම අති අසාර්ථක නායකයෙකු ද විය...

මහේල ද අසාර්ථකය...

සංගා පුළුවන් විදියට වැඩ පෙන්වීය... එහෙත් ප්‍රමාණවත් නොවිය...

රංගන මුරලිගේ අඩුව පුරවන්න ලොකු උත්සහයක්දරයි...

පිතිකරුවන්ගේ අසාර්ථකත්වය කැපී පෙනුනි...

නමුත්..

අපිට පිතිකරණ පුහුණුකරුවෙකුද සිටි...

කණ්ඩායම ඇතුලේ වැඩ කෑලි ගොඩකි.. එහෙත් කණ්ඩායම අනාතය...

ලෝක ක්‍රිකට් තුල ශ්‍රී ලංකා කණ්ඩායම අතරමං වී ඇති සේය... 

කාට නම් ඇගිල්ල දිගු කරන්න ද..?????


Monday, January 2, 2012

කොළඹ වරාය

මුලින්ම කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් කිව්වා ඔන්න...

සෑම වසරකම පළමු වැනි දිනයේදී කොළඹ වාරය සේවකයින්ගේ පවුලේ සාමාජිකයින්ට වරාය නරඹන්න අවස්ථාව හිමි වෙනවා...

ඔන්න ඒ අවස්ථාවෙන් ප්‍රොයෝජනයගත් මමත් ගියා වරයා බලන්න...

 ගමන හිතුව තරම් ලේසි උනේ නෑ මොකද හෙක්ටයාර 31 (මම දන්නා තරමින්) පුරා විහිදී ඇති වරාය පුරා පයින් නම් යන්න ලේසි නෑ.. වෙලාවට වාහනයකින් ගිය නිසා හොදයි.. නැත්නම් වරාය ඇතුලත වැඩ කරන වෙනම ප්‍රවාහන සේවයකුත් තිබ්බා අවශ්‍යය නම්  එකේ යන්නත් පුළුවන්..

ඉතින් මට හිතුනා ඒ ගමන යාළුවොත් එක්ක බෙදාගන්න ඉතින් මේ තමයි ඒ ගමනේ විස්තර..

ටිකක් උදෙන්ම වරායට ඇතුළු උනා මෙන්න ඒ වෙලාවේ වරාය ඇතුලත...



මේ ඉන්නේ Pilot කෙනෙක්, ලංකාවට වෙනත් රටවලින් එන නැව් වරායට ඇතුලත් කිරීමට එම නෞකාවේ කපිතාන්ට අවසරය නෑ.. ඒ නිසා වරයාට හැතැක්ම හයක පමණ දුරින් නවතා තිබෙන එම නැවට වරායෙන් පුද්ගලයෙක් යවනවා ඔහු තමයි එම නැව වරයාට ඇතුලත් කිරීම සිදු කරන්නේ.. ඒ තමයි Pilot



මේ මොකක්ද මේ...


ලගට ගිහිල්ලම බැලුවා ඔන්න....



මේක රථවාහන ප්‍රවාහනය කරන නෞකාවක්, විශාලත්වය ගැන නම් කතා කරන්න දෙයක් නෑ.. පින්තුර දැක්කම හිත ගන්න පුළුවන් ඇති නේ....

මේක කොරියන් නෞකාවක් ඉන්දියාවේ මුම්බායි වල ඉදන් මේක ඇවිත් තිබ්බේ ලංකාවට ලේලන්ඩ් වර්ගයේ බස්රථ අරගෙන, මෙම නෞකාව තට්ටු 12කින් සමන්විතයි. ලේලන්ඩ් බස් රථ වලට අමතරව තවත් අනෙකුත් රථවාහන දෙදහස් පන්සීයකට ආසන්න ගණනක් ඒ මොහොතේ මේ නෞකාව තුල තියෙනවා කියල තමයි නැවේ වැඩ කරන සුද්දෙක් කිව්වේ... ( දන්නා කඩ්ඩ දාලා බොහොම අමාරුවෙන් සුද්දගෙන් ඒ ටික අහගත්තෙ...)

මෙන්න නැවේ ඇතුල කොහොමද බලන්න...



මෙන්න අපේ නාවික හමුදාවේ ඉන්න කඩවසම් ආඩම්බර කාරයා...
JETLINER




ජෙට් ලයිනර් නැව තුල තම මංගල උත්සවය ගන්න දැන් අවස්ථාව තියෙනවා... මංගල උත්සවය අතර පොඩි රවුමක් යන්නත් ඕන නම් නැවට ගෙවන්න ඕන ලක්ෂ පහක්

එහෙමත් නැත්නම් නැව වාරයේ තියෙද්දීම මංගල උත්සවය ගන්නවා නම් ලක්ෂ දෙකහමාරක් ගෙවන්න ඕන...

ඇත්තටම මේ නැවේ වෙඩින් එකක් ගන්න ලැබෙනවා නම් එක තමන්ගේ ජිවිතයේ සුපිරි අත්දැකීමක් වේවි... ඒ මොනවා උනත් ආරංචි විදියට නම් අලුත් අවුරුද්ද මේ නැවට ගොඩක් කාර්ය බහුලයිලු වෙඩින් නිසාම ඒ තරම්ම ලොකු ඉල්ලුමක් මේ නැවට තියෙනවා...


මෙන්න Dockyard එක ඒ කියන්නේ නැව් අලුත්වැඩියා කරන ස්ථානය
ඒ මොහොත වන විට ඉන්දියාවට අයත් නෞකාවක් අලුත්වැඩියා කරමින් තිබුනා මෙන්න ඒ නැව...


මෙන්න කොළඹ වරායේ තවත් පින්තුර කිහිපයක්....