Friday, January 6, 2012

අපේ ක්‍රිකට් නැවතත් අනාත විය...

අපේ අය නැවත පැරදුනේය... 

එක පෙලට පැරදුනා නම් දුක නැත එත් දෙවැනි ටෙස්ට් තරගය ජයගත් අපේ අයට තුන්වන ටෙස්ට් තරගයේදී ද.අප්‍රිකාව වැලේ වැල් නැතිවෙන්න දුන්නේය.... 

ක්‍රීඩා කරන ආකාරය දැක්කම හිතෙන්නේ කණ්ඩායම තුල වගකීමක් සහිතව ක්‍රීඩාකරන්න අයෙක් නැති බවය..

පකිස්තානු සංචාරයේදී කිසිදු හේතුවක් නැතුව හලා ගිය තිලාන් සමරවීර සියලු පිතිකරුවන් අසාර්ථක වෙද්දී නොදැවී ලකුණු 100කින් තේරීම කමිටුවට රිදෙන්න ගැසුවේය..

දිනේෂ් චන්දිමාල් තම අනාගතය පැහැදිලි බව පෙන්වීය...

නමුත්...

මැදපෙළ සිට ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉදිරියට පැමිණි අවස්ථාවේ ඩිල්ෂාන් අති සාර්ථක පිතිකරුවෙක් විය...

එහෙත්...

ලෝක කුසලානයෙන් පසු නායකත්වය ලැබූ ඔහු අති අසාර්ථක පිතුකරුවෙක් සේම අති අසාර්ථක නායකයෙකු ද විය...

මහේල ද අසාර්ථකය...

සංගා පුළුවන් විදියට වැඩ පෙන්වීය... එහෙත් ප්‍රමාණවත් නොවිය...

රංගන මුරලිගේ අඩුව පුරවන්න ලොකු උත්සහයක්දරයි...

පිතිකරුවන්ගේ අසාර්ථකත්වය කැපී පෙනුනි...

නමුත්..

අපිට පිතිකරණ පුහුණුකරුවෙකුද සිටි...

කණ්ඩායම ඇතුලේ වැඩ කෑලි ගොඩකි.. එහෙත් කණ්ඩායම අනාතය...

ලෝක ක්‍රිකට් තුල ශ්‍රී ලංකා කණ්ඩායම අතරමං වී ඇති සේය... 

කාට නම් ඇගිල්ල දිගු කරන්න ද..?????


7 comments:

  1. හා හා.. බය වෙන්න එපා යාළුවා.. ඔයා නෙමෙයි.. :D

    ReplyDelete
  2. ඉන්දියාව කාපු කැමේ හැටියට අපි හොඳයි කියල හිතෙනව , උන් ටෙස්ට් රැන්ක් වල 2ද කොහෙද නේ

    කොහොමටත් දිලා කැප්ටන් කමට නම් හරියන්නේ නැ , තොග පිටින් පරාදයිනේ

    ReplyDelete
  3. මම ක්‍රිකට් මැච් නම් බලනවා...ඒත් විවේචන නම් කරන්නේ නෑ...අපිට වඩා ක්‍රිකට ගැන දන්න ඇත්තොනෙ...

    ReplyDelete
  4. බුවා ඇත්ත කතාව ඉන්දියාවත් එක්ක බලද්දී අපි හොදයි...
    එත් අපි මේ එකදිගට පැරදුන හතර වෙනි තරගාවලිය..
    එකයි අවුල...
    අනිවා ඩිල්ෂාන්ගේ කැප්ටන් කම ගැන නැවත හිතන්න වෙනවා..

    ReplyDelete
  5. හරි.. විවේචනයම කලයුතු නෑ..
    එත් අඩුපාඩු ගැන සාකච්චා කලයුතුයි...

    ReplyDelete
  6. අපේ අයගේ කණ්ඩායම හැගීම වැඩි කරන්න ඕන බන්..........එක නැති නිසා තමයි මේ පරාද වෙන්න මුලික හේතුව.............මම හරිද?????????????

    ReplyDelete