ඊයේ පෙරෙයිද දවසක ඔන්න නිදාගන්න කියලා ඇද හොයාගෙන අවා විතරයි පාර පැත්තෙන් හෙන සද්දේ...
නිදාගන්න එක පැත්තක තියලා මම ගිය සීන් එක මොකක්ද බලන්න බැලින්නම් නැවක් ගාලු මාතර මහා පාරේ යනවනේ.. එක ගනියන්න තමා කස්ටිය කෑගහන්නේ....
මෙන්න භාණ්ඩේ....
මේවා හදන්නේ කොග්ගල නිදහස් වෙළද කලාපේ තියෙන ආයතනයකින්...(ආයතනයේ නම නම් මට හරියට මතක නෑ..)
මට මතක විදියට මේ හදපු තුන්වෙනි එක...
මේ විදියට මේක පාරෙන් අරගෙන යන්නේ වැලිගම බොක්කට එතනින් තමා මේක මුහුදට දන්නේ... අනිත් තැන්වල මුහුද නොගැබුරු නිසා මුහුදට දාන්න අමාරුයි...
මේ නැව් වර්ගය එහෙමත් නැත්නම් බෝට්ටු වර්ගය ගැන කියන්න නම් මම දන්නේ නෑ දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි විස්තරයක් දාන්න...
ආරංචි විදියට තල්මස්සු බලන්න මේක යොදාගන්නවා කියලත් කියනවා එත් හරියටම ඒ ගැන විස්වාසයක් නෑ...
Comment By හදවතින්ම ශ්රී ලංකිකයි පින්තුරනම් අදුර නිසා පැහැදිලි මදි එත් බෙදා ගත්තට ස්තුත්යි
ReplyDeleteඇත්තටම පින්තුර නම් ටිකක් අපැහැදිලි ෆෝන් එකෙන් ගත්ත නිසා.. සමාවෙන්න ඒ ගැන නම්..
Deleteඅදහසට ස්තුතියි මිත්රය...
පිස්සු හැදෙයි කිව්වලු....මේක උස්සගෙනද බන් යන්නේ? හරියට පෙන්නේ නෑ....එල පොස්ට් එක ලොක්ක!!!
ReplyDeleteමේක බලන්න...
Deletehttp://www.elakiri.com/forum/showthread.php?t=1390938